Wednesday, October 29, 2014

CCTV කුප්පි (07) ගැලපෙන කැමරාව තෝරාගමු 02

ආයුබෝං !

දැන් අපි CCTV කැමරා ගැන තරමක් දුරට දන්නවා
ඒ කියන්නේ ඔයාලට දැන් දැනුම තියෙනවා ඔයාලගේ ගෙදරට , කාර්යාලයට , අතනට මෙතනට ඔනි
ඩූම්ද , බුලට්ද , ෆීශ් අයිද අරකද මේකද කියලා තෝරගන්න

දැන් ඊලගට තියෙන්නේ කැමරාවක් තෝරාගැනිමේ වැදගත්ම අදියර
ඒ කියන්නේ කැමරාවේ තාක්ෂණික දේ පිළිඹදව හොයලා බලලා සුදුසුම කැමරාව තෝරාගන්න එක.

හැබැයි එක දෙයක් කියන්න ඔනි.
මේ තියරි විතරක් දැනගත්තාට නම් මදි ,
ප්‍රායෝගික අත්දැකිම් නම් වැදගත්ම වෙනවා

උදාරහණයකට අපි හිතමු ඔයාලගේ ගෙදර ඉස්සරහින් කැමරාවක් හයි කරනවා දකුණු පැත්තේ ජනේලයට උඩින්
ඔයාලට පුළුවන් වෙන්න ඔනි ඔයාලගේ ඇස කැමරාව කරගෙන අහුවෙන පරිසරය කැප්ච කරගෙන
ගැලපෙන කැමරා ලෙන්ස් එක
ගැලපෙන කැමරා ඈන්ගල් එක
කැමරාවට ගැලපෙන උස කියන දේ ගැන වැටහීමක් ගන්න

ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි
ගන්නවා කැමරාවක්
හයි කරනවා DVR එකට
බලනවා අහුවෙන පරාසය දිහා
දැන් ඔයාලට පුළුවන් 3.6 ලෙන්ස් එක තියෙන කැමරාවක් බවට අවශ්‍ය අවස්තාවක ඇස හරවා ගන්න

කැමරා සවි කරන ස්ථාන පිළිඹදව නිගමනයකට එන්න අන්න ඒ කියන ඇස කැමරාව බවට පත් කරගැනිමේ හුරුව නම් අවශ්‍යම වෙනවා

මම කියන්නේ මේ අඩි 15 උසින් කැමරවක් හයි කරනවා නම් ඉනිමගක් තියලා උඩ නැගලා එතන ඉදලා ඇහැ හරවලා බලන්න කියලා නම් නෙවෙයි ඈ :D :D :D 

හා හා දැන් කතාව ඇති :) :)
දැන් බහිමු වැඩේට

  • කැමරාවක් තෝරාගැනීමේදී සැලකිය යුතු තාක්ෂණික කරුනු 
  1. Camera Lens Size
  2. Chip / Sensor Size
  3. TVL ( TV Line Resolution )
  4.  Lux  levels
  5. IP Rating
 ඔන්න  දැන් ඔයාලා මුළික ටික දන්නවා.
ඒත් පොඩ්ඩක් මඤ්ඤං  මඤ්ඤං  වගේ ඇති නේද :D :D
Lux කිව්වාම අපි දන්නේ අර ඇගේ ගාන එව්වා ගැන නොවෑ

කලබල වෙන්න එපා
මේ කොටස් ටික මම ඉදිරි කුප්පි දෙකකින් පැහැදිලි කරනවා

මේ දැනුවත් වීම CCTV වියාපාරයක් විදිහට කරන්න ඉන්න අයට විතරක් නෙවෙයි
CCTV හරි කරන කවුරු හරි නියෝජිතයෙක් ඔයාලා හොයාගෙන ආවොත් හෝ ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ගැන අධ්‍යනය කරලා එන කෙනාගෙන් ඇහුවොත්

" මේ මල්ලි ඔයාලා හයි කරන කැමරාවේ IP රේටින් එක කියද කියලා "

හයි කරන්න ආපු එකා කොර වෙනවා
ඇයි හත් දෙවියනේ ගොඩාක් අය කැමරා හයි කලාට මේ ගැන දන්නේ නෑ නොවැ
අනික එතකොට ඔයාලාව අන්දන්න බෑ
දැනට ඔයාලා CCTV කැමරා  හයි කරලා තියෙනවා නම් බලන්න පුළුවන්  ඇත්තටම ඒ හොද ඔරිජිනල් කැමරාවක්ද කියලා

ආ කැමරා පද්ධති ඉතිං  වැඩි මිලට විශ්වාසනීයව  ඔරිජිනල් බඩු දාලා හයි කරගන්න ඔනි නම්
මේ මට කොල් කරන්නත් පුළුවන් ඈ 0773864180
දැන් මට බැනපල්ලා කියලා දෙන අස්සේ ඇඩ් දානවා කියලා
ඇයි දෙවියනේ මම ජීවත් වෙන්නත් එපැයි :D :D   



මෙහි ලෙන්ස් සයිස් එක ගැන තියෙන්නේ දිර්ඝ පැහැදිලි කරදීමක් .....
ඔක්කොම එක පෙළට කියාගෙන කියාගෙන යනකොට ඔලුවට ගන්නවා අඩුයි නොවැ
ඊලග කුප්පි දෙක මේ සතිය ඇතුලට කොහොම හරි එකතු කරන්න පොරොන්දු වෙනවා


එහෙනම් මම ගියා

ආ තව දෙයක් කියන්න ඔනි
ඔයාලා මේ බ්ලොග් එකේ දාන කොමෙන්ට් මට ගොඩාක් වැදගත්
මමත් CCTV කියන සාගරේම පිහිනපු එකෙක් නෙවෙයි
මමත් නොදන්න දේවල් , මගෙන් මග ඇරෙන දේවල් , මගෙන් වැරදෙන දේවල් ඇති
ඉතිං ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඒ ගැනත් ලියන්න අපි කතාවෙමු 


ආ මේ ............... බලලා නිකං යන්නේ නැතුව අඩුගානේ බැනලා හරි යන්න :D :D

සුභ දවසක් ඔන්ලයින් වාසීනි :)






Monday, October 27, 2014

CCTV කුප්පි (06) ගැලපෙන කැමරාව තෝරාගමු

ඕං
ඔයාලගේ ගෙදරට කැමරා සිස්ටම් එකක් දාන්න ඔනි

යනවා කඩේට
" මේ මුදලාලි මට දෙන්න කැමරා හතරක් "
මුදලාලි නෑ බෑ කියන්නේ නෑ දෙනවා කැමරා :D

ඒත් ...... මේ කැමරාව ගැලපෙනවාද නොගැලපෙනවාද කියලා මුදලාලි දන්නේ නෑ හොයන්නෙත් නෑ
එයාලට ඔනි අළෙවිය :(


ඉතිං
ඔයාලා CCTV වලට බහින්න අදහසක් තියෙනවා නම් අංක එකට කරන්න ඔනි ගැලපෙන කැමරාව මොකක්ද කියන එක හොයාගන්න එක
මට සරළව කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නම්

මුළින්ම එන ප්‍රශ්නය කැමරාවක් කියක් වෙනවාද හැබෑට

රුපියල් 1500 සිට රුපියල් 150,000 වගේ මිළ ගනන් වලට කැමරා ගන්න තියෙනවා


Camera Type

ප්‍රධාන වශයෙන් කැමරා වර්ග දෙකක් තියෙනවා 
  1. Indoor Camera
  2. Outdoor Camera 
මේ කැමරා වර්ග ගොඩාක් තියෙනවා. අපට වැඩියෙන් ඔනි වෙන Camera  අපි අදුරගමු 

  • Dome CCTV Camera 

  






මේ කැමරා ගොඩාක් වෙලාවට නිශ්පාධනය වෙන්නේ Indoor. ඒ කියන්නේ ගෙවල් , ඔෆිස් වගේ ඇතුලට සවි කරන්න.
ගොඩාක් වෙලාවට කෝප්පයක හැඩය තියෙන මේ කැමරා ඔයාලාට අමුතුවෙන් කියන්න ඔනි නැහැ දැකලා ඇති. අපි කඩේකට ගිහින් කියන්නේ 'ඩූම් එකක්' දෙන්න ඔන්න ඔහොම

  •  Bullet CCTV Camera






මේ වර්ගයේ කැමරා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ Outdoor. නමුත් Indoor භාවිතා කරන්නත් ගන්නවා. හේතුව ඩූම් කැමරා වලට වඩා  තෙතමනයට ඔරොත්තු දිම
බුලට් කැමරා ඩූම් එකට වඩා පොඩ්ඩක් මිලෙන් වැඩියි

  • PTZ CCTV Camera







ඔයාලට ඉතිං රූපය දැක්ක ගමන් තෙරෙන්න ඇති මේ කැමරාවේ වෙනස මොකක්ද කියලා. මේ ජාතියේ කැමරා කරකවන්න, උස් පහත් කරන්න වගේම සූම් කරලා බලන්න පුළුවන් ඒත් හරිම මිළයි 

ඔයාලා වෘතියක් විදිහට CCTV කරනවා නම් ඔය නම් ගම් මතක තියාගන්න ඔනි
නැත්තං කස්ටම කෙනෙක් ඇහුවොත් මොකක්ද PTZ කියන එකේ තේරුම කියලා වහ කන්නයි වෙන්නේ :D :D

  • Spy CCTV Camera









රහසිගතව කැමරා සවි කළ යුතු තැන් වල මේ කැමරා සවි කරනවා. ප්‍රමාණයෙක් ඉතාම කුඩා වගේම විවිධ හැඩවල ස්පයි කැමරා මිලදි ගන්න තියෙනවා
නමුත් මම තවම මේ කැමරා සවි කරලා නැති නිසා ඒවාගේ ගූණාත්මක භාවය හා වෙනත් දේ ගැන වැඩි විස්තර කියන්න බෑ.

  • Fish Eye CCTV Camera








මේ කැමරා හරිම ගනන්. මේ කැමරාවේ විශේෂත්වය තමයි අංශක 360% ප්‍රදේශයක් කවර් වීම
ප්‍රධාන වශයෙන් තියෙන්නේ සිවිලිමේ සවි කරන කැමරා
මුදල් ගණුදෙනු කරන තැන් වල මේ කැමරා සමහරු සවි කරනවා.
අධික මිලකින් යුත්ත නිසා මම සවි කරලා නැහැ


දැන් කැමරා ගැන ඔක්කොම දැනගත්තා.
දැන් කැමරාවක් මිලදි ගන්න පුළුවන්ද

බැහැ තව අපි දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා
කැමරාවේ TVL ප්‍රමාණය , චිප් එක , සෙන්සර් එක . Lux රේටින් එක , IP රේටින් එක

ඒ සියල්ලම ඊලග කුප්පියේ අපි කතා කරමු.
ඊලග කුප්පිය මාස ගානන් ඇදෙන්නේ නැහැ.
හෙට දවසේ කැමරා ගැන සියළුම දේ බ්ලොග් පොස්ට් එකකින් අනිවාර්‍යෙන්ම දානවා

මේ පොස්ට් පරක්කු උනා කියලා බනින්න එපා.

ඒ වගේම සමහරු මට චෝදනා කරලා තියෙනවා

" කැලුම් CCTV බ්ලොග් එක අටෝ ගත්තේ ඔන්ලයින් වැඩ ටික ගන්න කියලා :D :D "

අපරාදේ කියන්න බෑ
මට ෆේස්බුක් හරහා බ්ලොග් එක හරහා ඇති තරම් CCTV වැඩ ලැබෙනවා

ඒත් මට මේ දේවල් කියලා දුන්නා කියලා වරදින්නේ නැහැ කියලා දන්නවා.

එකක් මගේ දැණුමත් අප්ඩේට් වෙනවා
අනෙක කෙනෙකුට දෙයක් කියාදිමෙන් ඊට ඔබ්බට ගිය දැණුමක් ස්වාභාවධර්මයෙන් ලබාදෙන නියමන මම විශ්වාස කරනවා

දැන් ඊලගට ඔයාලා අහන ප්‍රශ්නය මම දන්නවා

මේ කැමරාවක් හැබෑටම කියක් වේවිද
රුපියල් 1500 සිට මම කිව්වා නේ කලින් 150,000 වගේ දකවා කියලා
අපට වෙළද පොළේ තියෙන හොදයි කියලා කියන්න පුළුවන් කැමරාවක් සාමාන්‍යෙන් රුපියල් 7500 සිට 15000 වගේ මිළ පරාස වල

ඒ නිසා මේක වෘතියක් විදිහට කරන අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා
මේ බ්ලොග් එකෙන් ඔබ එතෙර උනොත් දෙවියනේ කියලා දෙකයි පනහේ බඩු දාලා නම් වැඩ අටවන්න එපා කියලා

ඒ තුලින් CCTV කියන ෆිල්ඩ් එක වැටෙනවා
පාරිභෝගිකයාත් වෙළෙන්දාත් දෙන්නාම අසිරුතාවයකට පත් වෙනවා

හෙට මගේ කුප්පියෙන් කැමරා ගැන සියළුම දේ කතා කරලා ඔයාලට කැමරා මිළ දී ගන්න පුළුවන් ස්ථාන පිළිඹදවත් දැනුවත් කරන්නම්

එහෙනම් මම ගියා

සුභ දවසක් ආදරණිය මිත්‍රයෙනි :) :) :)