Friday, April 4, 2014

CCTV කුප්පි (04) - ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු


CCTV කුප්පි ටික ඇදගෙන යන්නේ නැතුව ඉක්මනට ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ 
පට පට ගාලා ලියලා දානවා කියලා හිතුවාට වැඩේ පටන් ගත්තමයි බරපතල කම තේරුණේ 

* CCTV ගැන මුලික දැනුම
* CCTV පද්ධතියක් තෝරාගැනිම ගැන
* CCTV පද්ධතිය සවි කිරිම ගැන
* ඔන්ලයින් බලන්න ඩොමෙන් එකක් ගන්න ක්‍රමය ගැන
* Device එක කන්ෆිග් කරගන්න ක්‍රමය 


අප්පේ තව කොච්චර නම් ලියන්න තියෙනවාද 
ඇද ඇද හිටියොත් වැඩේ ඉවරයක් කරන්න වෙන්නේ නැහැ 
එහෙම උනොත් වෙන්නේ මම DVR ගැන කියලා දෙනකොට ලංකාවේ IVR යුගේ ඇවිල්ලා තියේවි :D :D 

ඒ නිසා ඉක්මනින්ම මේ කුප්පි ටික ලියලා ඉවර කරන්න හිතුණා 
කතා ඇති දැන් වැඩේට බහිමු.

සිරිපාලට තියෙනවා පුංචි කඩයක් 
සිරිපාලයට ඔනි දැන් කැමරා සිස්ටම් එකක් දාගන්න 
මොකද කරන්නේ 
( 0773864180 ට කතා කරලා කැලුම් කැමරා සැට් එකක් දාන්න ඔනි කියද ගාන කියලා අහලා වැඩේ බාර දෙන්නත් පුළුවන් :D :D )
එහෙම නැතුව සිරිපාලම කැමරා ටික හයි කොරගන්න යනවා කියලා හිතමු 
කොහොමද කරගන්නේ 
අපි අද ඒ ගැන කතා කරමු 

ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු 

CCTV පද්ධතියක් සවි කරන්න කලින් හොයා බලන්න ඔනි කරුණු කිහිපයක් තියෙනවා 

1 වැය කල හැකි පිරිවැය 
2 අවශ්‍යතාවය ( බිය වැද්දවීම / රෙකෝඩින් / ඔන්ලයින් බැලිම )
3 වැය කල පිරිවැයෙන් අවශ්‍යතාවය ඉශ්ට වෙනවාද යන වග 

අපි හිතමු කෙනෙකුට ඔනි සොර සතුරන් බිය වැද්දවීම විතරමයි කියලා 
එහෙම දෙයකට ලොකු දෙයක් කරන්න ඔනි නැහැ ලොකු වියදම් කරන්න ඔනිත් නැහැ 
Fake CCTV Camera ඔන තරම් EBay එකේ ගන්න තියෙනවා 
අරගෙන හයි කරන්නයි තියෙන්නේ.


01 ) Web Cam මගින් CCTV පද්ධතියක් 

කෙනෙකුට ඕනි ගෙයි ඉස්සරහා තියෙන කුකුල් කූඩුවට හොරෙක් පැන්නොත් ඒ හොරාව කවුද කියලා බලාගන්න.
ලොකු ගාණක් යන්නේ නැහැ. සාමාන්‍ය හොද තත්වයේ වෙබ් කැමරාවකුයි , USB කේබල් එකකුයි සම්භන්ධ කරලා ගෙයි තියෙන පරිගණකයේ රෙකෝඩ් කරන්න පුළුවන් 
ඒ විතරක් නෙවෙයි ඔනි නම් සැට්න් හදලා වෙන කොහේ හරි ඉදං බලන්න උනත් හදාගන්න පුළුවන් 

හැබැයි මේ ක්‍රමයේ අවාසිත් තියෙනවා අපි ඒ ගැන පස්සේ කුප්පියකින් කතා කරමු 
අද මම කියලා දෙන්න කරන්න පුළුවන් ක්‍රම ගැන විතරයි 



02 )  IP Camera 


තමන්ගේ කඩේ හරි ගෙදර හරි වෙන දේවල් තමන්ගේ මොබයිල් එකෙන් හරි ඔෆිස් එකේදී PC එකෙන් හරි බලන්න. 
ඒ වගේ වෙලාවට IP Camera කැමරා එකක් යූස් කරලා අඩු මුදලකට ඒ දෙය කරගන්න පුළුවන්


03 ) PC Based Digital video recorder 
( PCI /USB DVR Card )

ඔන්න තව කෙනෙකුට ඔනි  බජට් එක අඩුවෙන් වැඩේකරගන්න 
 DVR එකක් , හාඩ් එකක් වගේ ජිල්මාට් ටික ගන්න ගියොත් බර ගාණක් වැය වෙනවා නොවැ
මොකද කරන්නේ වැඩේ අතාරිනවාද ?
නැහැ

කැමරා ටික විතරක් අරගෙන ඒක පරිගණකයට සම්බන්ධ කරලා DVR එකෙක් කරනා කාර්‍ය පරිගණකයක පටවන්න පූළුවන්
ඒකට PC එකට සම්බන්ධ කරන DVR කාඩ් මිලදී ගන්න තියෙනවා
PCI / USB කියන මාදිලි දෙකෙන්ම 












04 ) Digital video recorder systems 

Add caption














මිල පොඩ්ඩක් වැඩි උනත් සාර්ථකම ක්‍රමය තමයි මේක. 

4 /8 /16 වගේ ගුනාකාර වලින් කැමරා සවි කළ හැකි DVR මිලදි ගන්න තියෙනවා 


ඔන්න එහෙනම් දැන් ඔයාලට හරියන්නේ මොන සිස්ටම් එකද කියලා සාමාන්‍ය වැටහීමක් ඇති
අපි ඊලග දවසේ එක එක ක්‍රමය ගැන ඉගන ගමු

ඔයාලා පළමුවෙන්ම දැනගන්න කැමති මොන ක්‍රමය ගැනද කිව්වොත් මට ලේසියි එතනින් වැඩේ ස්ටාර්ට් කරන්න


අනිත් දේ තමයි
මගේ කලින් බ්ලොග් පෝස්ට්  එකට එක්කෙනෙක් වත් කොමෙන්ටුවක් දාලා නැහැ :(

මම හිතන්නේ ඔයාලගේ අදහස් නැතුව මට මේ බ්ලොග් එක කරගෙන යන්න අමාරුයි
ඒ නිසා කුනුහබ්බෙන් හරි කමක් නෑ
අදහස ලියලා යනවා නම් ගොඩාක්ම වටිනවා :D :D

ඔය ගමන්ම බුකියේ CCTV සිංහලෙන්  පේජ් එකටත් එකතු වෙන්න

Tuesday, April 1, 2014

CCTV කුප්පි (03) - පද්ධතියක් අපටම සවි කරගන්න අවශ්‍ය ආයුධ


අපේ අප්පොච්චාට ගොඩින් අක්කර මෙච්චරයි මඩින් අක්කර මෙච්චරයි තියෙනවා
ඔය 'වල්ලපට්ටා' ගස් නොතිබුණාට
ගොඩ ඉඩං වල ගොඩාක් තියෙන්නේ "පොල්"

අපේ ගෙදර පොල් ලෙලි ගහන්න තියෙනවා ලොකු උලක්
ඒකට "  පොල් උල " කියලාත් " අලවංගුව " කියලාත් කියනවා

හැබැයි ඔය කියන උල නෑ කියලා පොල් ලෙලි නොගහා ඉන්නේ නැහැ
කිව්වට මොකො පැත්ත ගහපු උදැල්ලත් පොල් ලෙලි ගහන්න කියාපු බාණ්ඩේ :D


අම්මපා ...
CCTV ගැන කියලා දෙන්න ඇවිත් මූ පොල් ලෙලි ගහන්න කියලා දෙනවාද
කියවන හුදී ජනයා දෝස්මුරේ පවත්වන්න කලින් ඔන්න මම පටාං ගාලා මාතෘකාවට බැස්සා

පොල් සුද්ද කරන්න .. ලෙලි අරින් කරන්න අලවංගුව නැත්තං උදැල්ල භාවිතා කරනවා වගේම
මම මේ අද CCTV පද්ධතියක් සවි කරන්න අවැසි කරන අඩුම කුඩුම නෑ කියලා වැඩේ බෑ කියන්නේ නැහැ

වෘතිමය ලෙස CCTV සවි කරනවා නම් හෝ ක්‍රමවත්ම හා පහසුවෙන් පද්ධතිය සවි කරගන්න ඔනි නම්
මේ අද මම ඔයාලට කියලා දෙන ආයුධ කෑලි බෑලි ටික මිලදී ගන්න එක වටිනවා


CCTV පද්ධතියක් සවි කිරිමට මොනවද අවශ්‍ය ආයුධ ( Tools )


01 Multimeter එකක් 

මේවාගේ වර්ග දෙකක් තියෙනවා 


Analog Multimeter                                      Digital  Multimeter 

                                         









මම නම් බොහෝම ඉස්සර භාවිතා කලේ ඇනලොග් මල්ටීමීටර්. ඒත් කාලයත් එක්ක යනකොට ඩිජිටල් මල්ටීමීටර් එකක පහසුව තේරුනා 

මේක වැඩි මිලක් වෙන්නේ නැහැ පිටකොටුව පළවෙනි හරස් විදීයේ නම් Rs 250 ඉදලාම තියෙනවා
ඒ මිල එකක් උනත් වැඩේට ඇතිත් එක්ක
ඒත් රුපියල් 1000 විතර එකක් ගන්න තිබුණා නම් කල්පැවැත්තම හොදයි
ඔබ මිලදී ගන්න මල්ටී මීටර් එකේ Buzzer එක තියෙනවා නම් ගොඩාක් පහසුයි
බසර් එකට අපේ භාෂාවේ කියන්නේ " බීප් " එක කියලා
එහෙම කියන්නේ මල්ටී මීටර් එකේ බසර් එකට මීටර් එකේ කටුව කරකෝලා රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි තිබ්බාම බීප් කියලා සද්දයක් එනවා


CCTV හයි කරනකොට මල්ටියෙන් චෙක් කරන්න පුළුවන් මොනවද හැබෑටම

1 Voltage එක ( AC 7 DC )
2 Wire Connections
3 Connectors


ඔය දේවල් තමයි මූලිකවම _________________________________________________________________________

02 Cable  Tester  එකක් 
මේකට Wire Tester කියලාත් කියනවා 
වයර් අග්‍ර දෙකක් අතර සම්බන්ධතාවය පරික්ෂා කිරිම තමයි මේ උපංගයෙන් කරන්නේ. ලොකු ගානක්  වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පිටකොටුවේ නම් රුපියල් 650 ඉදලා ගන්න පුළුවන් 
ඒත් ඔයාලට පුළුවන්නම්

RJ45 ( නෙට්වර්ක් වයර් )
RJ11 ( ටෙලිෆෝන් වයර් )
Coaxial Cable ( TV ඇන්ටනා වයර් )

යන සියලුම වයර් පරික්ෂා කරගන්න ඕල් ඉන් වන් කේබල් ටෙස්ටර් එකක් ගන්න වැඩේ ගොඩ.
____________________________________________________

03 RJ45 Crimp Tool එකක් 

ඔයාලා දන්නවා ඇති ටෙලිෆෝන් රවුටර් එකට වයර් එක සවි වෙන කනෙක්ටර් එක
ඒකට කියන්නේ RJ45 කනෙක්ටර් එක කියලා
අන්න ඒක වයර් එකට ඈදන උපාංගයට තමයි
Crimp ටූල් එක කියන්නේ
රුපියල් 600 -700 හොද වර්ගයේ එකක් ගන්න පුළුවන්. හැබැයි ඔය කනෙක්ටර් 50 තියෙනවා කියලා මම දාලා තියෙන ෆොටො එකේ තිබුනාට කඩේට ගිහින් මුදලාලි මාමාට වලි දාන්න එපා :D
මොකද ඕක නෙට් එකක් ගත්ත ෆොටෝ එකක් නොවැ :D :D 


( BNC Crimp Tool / Coaxial Cable Cutter වගේ දේවල් ප්‍රයෝජනවත් උනත් අත්‍යවශයම නැහැ
අපි ළග තියෙන බ්ලේඩ් , අඩූ මාර්ගයෙන් ඒ දේවල් කරගන්න පුළුවන් )

_________________________________________________

04 CCTV Tester එකක්.


 මේක අවශ්‍යම උපාංගයක් නෙවෙයි. ( ඇත්තම කිව්වොත් මේකක් මටත් නැහැ :( )
වෘතීමය ලෙස දිගටම මේ ෆීල්ඩ් එකේ නියැලෙනවා නම් ගන්න එක වටිනවා

මේ උපංගය මගින් කේබල් වල තත්වය , කැමරාවේ ඈන්ගල් එක , PTZ (පසුව ඒ ගැන කියලා දෙන්නම් ) වගේ බොහෝ දේවල් පරික්ෂා කරන්න පුලුවන්

වඩාම වැදගත් දේ තමයි අපි උඩක නැගලා කැමරාවක් සවි කරනවා නම් ඒ ස්ථානයේ ඉදලාම මේ උපංගය සවි කරලා බලන්න පුලුවන් කැමරාවේ කෝණය හරිද කියලා 

Ebay එකෙන් ගන්නත් පුළුවන්

නැත්තං ඉස්සර "නයිTN" බලනකොට වගේ "
ඇන්ටනාව තව පොඩ්ඩක් එහාට මෙහාට කියලා කෑ ගහන්න වෙනවා " :D :D 

05 Other Tools 

ඔය අඩුවක් , මිටියක් , පේපර් කටර් එකක් , ටෙස්ටට් එකක් , මල් / ප්ලැට් ඉස්කුරුප්පු නියන් දෙක තුනක්, වයර් කටර් එකක් , පුංචි පිහියක් ඔය වගේ වැඩකට ඔනි කරන කළමනා ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ 
එව්වා මෙව්වා හොයාගන්න නැත්නම් යන්න පලවෙනි හරස් වීදියේ 
රුපියල් හැටායි හැටායි කියලා විකුණන එව්වා මෙව්වා අස්සෙන් අපුරුවට හොයන්න පුලුවන්.

ඔන්න එහෙනම් හා හා පුරා කියලා ඔනි කරන කලමනා ගැන ඔයාලා දැනුවත් කරලා ඉවරයි 

ඊළග සතියේ CCTV පද්ධතියක උපංග ගැන අදුරගෙන කෙළින්ම වැඩේට බහිමු.

හැබැයි දාහක් වැඩ අස්සේ යකා පුකේ බැදගෙන මම මේ ලිපි මාලාව ලියන්නේ ඔයාලාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා :) :)
ඉතිං බ්ලොග් එකට ගොඩ වෙන අමුත්තෝ ආවා ගියා කියලා පොඩි සටහන් යටින් ලියලා යනවා නම්
අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් සටහන් කරනවා නම් ලොකු හයියක් වෙයි මට :D


එහෙනම් ඕං CCTV ඊළග කුප්පියන් අපි හමුවෙමු 
සුබ දවසක් කිව්වා :)