Wednesday, October 29, 2014

CCTV කුප්පි (07) ගැලපෙන කැමරාව තෝරාගමු 02

ආයුබෝං !

දැන් අපි CCTV කැමරා ගැන තරමක් දුරට දන්නවා
ඒ කියන්නේ ඔයාලට දැන් දැනුම තියෙනවා ඔයාලගේ ගෙදරට , කාර්යාලයට , අතනට මෙතනට ඔනි
ඩූම්ද , බුලට්ද , ෆීශ් අයිද අරකද මේකද කියලා තෝරගන්න

දැන් ඊලගට තියෙන්නේ කැමරාවක් තෝරාගැනිමේ වැදගත්ම අදියර
ඒ කියන්නේ කැමරාවේ තාක්ෂණික දේ පිළිඹදව හොයලා බලලා සුදුසුම කැමරාව තෝරාගන්න එක.

හැබැයි එක දෙයක් කියන්න ඔනි.
මේ තියරි විතරක් දැනගත්තාට නම් මදි ,
ප්‍රායෝගික අත්දැකිම් නම් වැදගත්ම වෙනවා

උදාරහණයකට අපි හිතමු ඔයාලගේ ගෙදර ඉස්සරහින් කැමරාවක් හයි කරනවා දකුණු පැත්තේ ජනේලයට උඩින්
ඔයාලට පුළුවන් වෙන්න ඔනි ඔයාලගේ ඇස කැමරාව කරගෙන අහුවෙන පරිසරය කැප්ච කරගෙන
ගැලපෙන කැමරා ලෙන්ස් එක
ගැලපෙන කැමරා ඈන්ගල් එක
කැමරාවට ගැලපෙන උස කියන දේ ගැන වැටහීමක් ගන්න

ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි
ගන්නවා කැමරාවක්
හයි කරනවා DVR එකට
බලනවා අහුවෙන පරාසය දිහා
දැන් ඔයාලට පුළුවන් 3.6 ලෙන්ස් එක තියෙන කැමරාවක් බවට අවශ්‍ය අවස්තාවක ඇස හරවා ගන්න

කැමරා සවි කරන ස්ථාන පිළිඹදව නිගමනයකට එන්න අන්න ඒ කියන ඇස කැමරාව බවට පත් කරගැනිමේ හුරුව නම් අවශ්‍යම වෙනවා

මම කියන්නේ මේ අඩි 15 උසින් කැමරවක් හයි කරනවා නම් ඉනිමගක් තියලා උඩ නැගලා එතන ඉදලා ඇහැ හරවලා බලන්න කියලා නම් නෙවෙයි ඈ :D :D :D 

හා හා දැන් කතාව ඇති :) :)
දැන් බහිමු වැඩේට

  • කැමරාවක් තෝරාගැනීමේදී සැලකිය යුතු තාක්ෂණික කරුනු 
  1. Camera Lens Size
  2. Chip / Sensor Size
  3. TVL ( TV Line Resolution )
  4.  Lux  levels
  5. IP Rating
 ඔන්න  දැන් ඔයාලා මුළික ටික දන්නවා.
ඒත් පොඩ්ඩක් මඤ්ඤං  මඤ්ඤං  වගේ ඇති නේද :D :D
Lux කිව්වාම අපි දන්නේ අර ඇගේ ගාන එව්වා ගැන නොවෑ

කලබල වෙන්න එපා
මේ කොටස් ටික මම ඉදිරි කුප්පි දෙකකින් පැහැදිලි කරනවා

මේ දැනුවත් වීම CCTV වියාපාරයක් විදිහට කරන්න ඉන්න අයට විතරක් නෙවෙයි
CCTV හරි කරන කවුරු හරි නියෝජිතයෙක් ඔයාලා හොයාගෙන ආවොත් හෝ ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ගැන අධ්‍යනය කරලා එන කෙනාගෙන් ඇහුවොත්

" මේ මල්ලි ඔයාලා හයි කරන කැමරාවේ IP රේටින් එක කියද කියලා "

හයි කරන්න ආපු එකා කොර වෙනවා
ඇයි හත් දෙවියනේ ගොඩාක් අය කැමරා හයි කලාට මේ ගැන දන්නේ නෑ නොවැ
අනික එතකොට ඔයාලාව අන්දන්න බෑ
දැනට ඔයාලා CCTV කැමරා  හයි කරලා තියෙනවා නම් බලන්න පුළුවන්  ඇත්තටම ඒ හොද ඔරිජිනල් කැමරාවක්ද කියලා

ආ කැමරා පද්ධති ඉතිං  වැඩි මිලට විශ්වාසනීයව  ඔරිජිනල් බඩු දාලා හයි කරගන්න ඔනි නම්
මේ මට කොල් කරන්නත් පුළුවන් ඈ 0773864180
දැන් මට බැනපල්ලා කියලා දෙන අස්සේ ඇඩ් දානවා කියලා
ඇයි දෙවියනේ මම ජීවත් වෙන්නත් එපැයි :D :D   



මෙහි ලෙන්ස් සයිස් එක ගැන තියෙන්නේ දිර්ඝ පැහැදිලි කරදීමක් .....
ඔක්කොම එක පෙළට කියාගෙන කියාගෙන යනකොට ඔලුවට ගන්නවා අඩුයි නොවැ
ඊලග කුප්පි දෙක මේ සතිය ඇතුලට කොහොම හරි එකතු කරන්න පොරොන්දු වෙනවා


එහෙනම් මම ගියා

ආ තව දෙයක් කියන්න ඔනි
ඔයාලා මේ බ්ලොග් එකේ දාන කොමෙන්ට් මට ගොඩාක් වැදගත්
මමත් CCTV කියන සාගරේම පිහිනපු එකෙක් නෙවෙයි
මමත් නොදන්න දේවල් , මගෙන් මග ඇරෙන දේවල් , මගෙන් වැරදෙන දේවල් ඇති
ඉතිං ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඒ ගැනත් ලියන්න අපි කතාවෙමු 


ආ මේ ............... බලලා නිකං යන්නේ නැතුව අඩුගානේ බැනලා හරි යන්න :D :D

සුභ දවසක් ඔන්ලයින් වාසීනි :)






Monday, October 27, 2014

CCTV කුප්පි (06) ගැලපෙන කැමරාව තෝරාගමු

ඕං
ඔයාලගේ ගෙදරට කැමරා සිස්ටම් එකක් දාන්න ඔනි

යනවා කඩේට
" මේ මුදලාලි මට දෙන්න කැමරා හතරක් "
මුදලාලි නෑ බෑ කියන්නේ නෑ දෙනවා කැමරා :D

ඒත් ...... මේ කැමරාව ගැලපෙනවාද නොගැලපෙනවාද කියලා මුදලාලි දන්නේ නෑ හොයන්නෙත් නෑ
එයාලට ඔනි අළෙවිය :(


ඉතිං
ඔයාලා CCTV වලට බහින්න අදහසක් තියෙනවා නම් අංක එකට කරන්න ඔනි ගැලපෙන කැමරාව මොකක්ද කියන එක හොයාගන්න එක
මට සරළව කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නම්

මුළින්ම එන ප්‍රශ්නය කැමරාවක් කියක් වෙනවාද හැබෑට

රුපියල් 1500 සිට රුපියල් 150,000 වගේ මිළ ගනන් වලට කැමරා ගන්න තියෙනවා


Camera Type

ප්‍රධාන වශයෙන් කැමරා වර්ග දෙකක් තියෙනවා 
  1. Indoor Camera
  2. Outdoor Camera 
මේ කැමරා වර්ග ගොඩාක් තියෙනවා. අපට වැඩියෙන් ඔනි වෙන Camera  අපි අදුරගමු 

  • Dome CCTV Camera 

  






මේ කැමරා ගොඩාක් වෙලාවට නිශ්පාධනය වෙන්නේ Indoor. ඒ කියන්නේ ගෙවල් , ඔෆිස් වගේ ඇතුලට සවි කරන්න.
ගොඩාක් වෙලාවට කෝප්පයක හැඩය තියෙන මේ කැමරා ඔයාලාට අමුතුවෙන් කියන්න ඔනි නැහැ දැකලා ඇති. අපි කඩේකට ගිහින් කියන්නේ 'ඩූම් එකක්' දෙන්න ඔන්න ඔහොම

  •  Bullet CCTV Camera






මේ වර්ගයේ කැමරා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ Outdoor. නමුත් Indoor භාවිතා කරන්නත් ගන්නවා. හේතුව ඩූම් කැමරා වලට වඩා  තෙතමනයට ඔරොත්තු දිම
බුලට් කැමරා ඩූම් එකට වඩා පොඩ්ඩක් මිලෙන් වැඩියි

  • PTZ CCTV Camera







ඔයාලට ඉතිං රූපය දැක්ක ගමන් තෙරෙන්න ඇති මේ කැමරාවේ වෙනස මොකක්ද කියලා. මේ ජාතියේ කැමරා කරකවන්න, උස් පහත් කරන්න වගේම සූම් කරලා බලන්න පුළුවන් ඒත් හරිම මිළයි 

ඔයාලා වෘතියක් විදිහට CCTV කරනවා නම් ඔය නම් ගම් මතක තියාගන්න ඔනි
නැත්තං කස්ටම කෙනෙක් ඇහුවොත් මොකක්ද PTZ කියන එකේ තේරුම කියලා වහ කන්නයි වෙන්නේ :D :D

  • Spy CCTV Camera









රහසිගතව කැමරා සවි කළ යුතු තැන් වල මේ කැමරා සවි කරනවා. ප්‍රමාණයෙක් ඉතාම කුඩා වගේම විවිධ හැඩවල ස්පයි කැමරා මිලදි ගන්න තියෙනවා
නමුත් මම තවම මේ කැමරා සවි කරලා නැති නිසා ඒවාගේ ගූණාත්මක භාවය හා වෙනත් දේ ගැන වැඩි විස්තර කියන්න බෑ.

  • Fish Eye CCTV Camera








මේ කැමරා හරිම ගනන්. මේ කැමරාවේ විශේෂත්වය තමයි අංශක 360% ප්‍රදේශයක් කවර් වීම
ප්‍රධාන වශයෙන් තියෙන්නේ සිවිලිමේ සවි කරන කැමරා
මුදල් ගණුදෙනු කරන තැන් වල මේ කැමරා සමහරු සවි කරනවා.
අධික මිලකින් යුත්ත නිසා මම සවි කරලා නැහැ


දැන් කැමරා ගැන ඔක්කොම දැනගත්තා.
දැන් කැමරාවක් මිලදි ගන්න පුළුවන්ද

බැහැ තව අපි දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා
කැමරාවේ TVL ප්‍රමාණය , චිප් එක , සෙන්සර් එක . Lux රේටින් එක , IP රේටින් එක

ඒ සියල්ලම ඊලග කුප්පියේ අපි කතා කරමු.
ඊලග කුප්පිය මාස ගානන් ඇදෙන්නේ නැහැ.
හෙට දවසේ කැමරා ගැන සියළුම දේ බ්ලොග් පොස්ට් එකකින් අනිවාර්‍යෙන්ම දානවා

මේ පොස්ට් පරක්කු උනා කියලා බනින්න එපා.

ඒ වගේම සමහරු මට චෝදනා කරලා තියෙනවා

" කැලුම් CCTV බ්ලොග් එක අටෝ ගත්තේ ඔන්ලයින් වැඩ ටික ගන්න කියලා :D :D "

අපරාදේ කියන්න බෑ
මට ෆේස්බුක් හරහා බ්ලොග් එක හරහා ඇති තරම් CCTV වැඩ ලැබෙනවා

ඒත් මට මේ දේවල් කියලා දුන්නා කියලා වරදින්නේ නැහැ කියලා දන්නවා.

එකක් මගේ දැණුමත් අප්ඩේට් වෙනවා
අනෙක කෙනෙකුට දෙයක් කියාදිමෙන් ඊට ඔබ්බට ගිය දැණුමක් ස්වාභාවධර්මයෙන් ලබාදෙන නියමන මම විශ්වාස කරනවා

දැන් ඊලගට ඔයාලා අහන ප්‍රශ්නය මම දන්නවා

මේ කැමරාවක් හැබෑටම කියක් වේවිද
රුපියල් 1500 සිට මම කිව්වා නේ කලින් 150,000 වගේ දකවා කියලා
අපට වෙළද පොළේ තියෙන හොදයි කියලා කියන්න පුළුවන් කැමරාවක් සාමාන්‍යෙන් රුපියල් 7500 සිට 15000 වගේ මිළ පරාස වල

ඒ නිසා මේක වෘතියක් විදිහට කරන අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා
මේ බ්ලොග් එකෙන් ඔබ එතෙර උනොත් දෙවියනේ කියලා දෙකයි පනහේ බඩු දාලා නම් වැඩ අටවන්න එපා කියලා

ඒ තුලින් CCTV කියන ෆිල්ඩ් එක වැටෙනවා
පාරිභෝගිකයාත් වෙළෙන්දාත් දෙන්නාම අසිරුතාවයකට පත් වෙනවා

හෙට මගේ කුප්පියෙන් කැමරා ගැන සියළුම දේ කතා කරලා ඔයාලට කැමරා මිළ දී ගන්න පුළුවන් ස්ථාන පිළිඹදවත් දැනුවත් කරන්නම්

එහෙනම් මම ගියා

සුභ දවසක් ආදරණිය මිත්‍රයෙනි :) :) :)
 




Tuesday, August 12, 2014

CCTV කුප්පි (05) - Digital video recorder systems

නමෝ විත්තියෙන් පටං ගත්තු
CCVT කුප්පි ටික ලියාගෙන යන්න බැරි උනා එක දිගටම
ඕං අද ඉදලා සියල්ලම ක්‍රමවත්ව ඔබට දෙන්නයි සූදානම

මම සිස්ටම් 4 ගැන සටහන් කලා

01 ) Web Cam මගින් CCTV පද්ධතියක් 
02 )  IP Camera 
03 ) PC Based Digital video recorder ( PCI /USB DVR Card )
04 ) Digital video recorder systems 


බොහෝ අයගේ ඉල්ලිම තිබුනේ අංක 4 පිළිඹදව පැහැදිලි කරදීමක් කරන ලෙස
ඒ නිසා ඕං කුප්පි 05 දී DVR සිස්ටම් ගැන කියලා දෙන්නයි මගේ කල්පනාව
මම මේකේ බහුශ්‍රත වචන නැතුව අපේ කතා කරන භාශාවෙන් ලියන්නේ CCTV ගැන කිසිවක් නොදත් අය අරබයා බවත් තේරුම් ගන්න ඔනි

උදාහරණයකට coaxial cable නොකියා මම මේකේ කිව්වොත් ඕම්ස් 75 ඇන්ටෙනා කේබල් කියලා
ඒ ඔයලාගේ තේරුම් ගැනිමේ පහසුවට කියන දේ මතක තියාගන්න
 



කැමරා සීස්ටම් එකක් ගහන්න අවශ්‍ය කලමනා 

  1. Camera 
  2. DVR එකක් 
  3. Hard Disk එකක් 
  4. Cable
    ( coaxial cable / cat 5 cable / CCTV cable යන තුන් ආකාරයටම නෙට්වර්ක් කරනා ආකාරය ගැන අපි කතාවෙනවා )
  5.  Connectors
    ( BNC /RCA /RJ45 /Video balun /DC connectors /U lug ඇතුළු සියලුම කනෙක්ටර් ගැනත් අපි
    කතාවෙනවා )



  6. CCTV power supply
( central power supply ,  adapter power supply , waterproof power supply ගැන වෙන වෙනම කතාවෙන්න තියෙනවා )

ඔන්න ඔය කියන මූලක දේවල් වලට අමතරව වයිරින් බට , කේසින් , පොප් රිවට් ඇන නට් බෝල්ට් ගැන ඉතිං කියන්න ඔනි නැහැනේ
නේද මං අහන්නේ :D

මේකේ පොඩ්ඩක් සංකිරණම කොටස තමයි අංක 01 ඒ කියන්නේ කැමරා

කැමරාවක් තොරගන්නවා කියන්නේ මේ පිටකොටුවේ පළවෙනි හරස් වීදියට ගිහින් මට දෙන්න බුලට් එකක් මට දෙන්න ඩූම් එකක් කියන එකන නෙවෙයි
ඊට එහායින් ගිය බොහෝ දේවල් තියෙනවා

අපි ඊලග කුප්පියේ CCTV කැමරා ගැන කතා කරමු ලොකුවට 


ආ ඒ වගේම ඉතිං කැමරා සිස්ටැම් එකක් විශ්වාසණිය හයි කරගන්න ඔනි නම්
මගේ අංකය උන 0773864180 කෝල් කරලා මාව ඇමතුවාට ඉතිං එපා කියන්නේ නෑ :D :D 


හැබැයි ඉතිං කියන්න ඔනි
මම යන රැල්ල දිහා බලාගෙන රුපියල් 2750 කැමරා නම් අටවන්නේ නැති බව :D

ඔයාලට කැමරාවල මිල ගනන් වගේම , සිස්ටම් එකකට යන මුළු වියදම් විතරක් නෙවෙයි
කැමරා සිස්ටම් එකකට මිලක් නියම කරන්නේ කොහොමද කියන එකත් මම කියලා දෙනවා ඕං

ඊලග කුප්පියෙන් මේ සතියේදි කැමරා ගැන කියලා දෙන්න පොරොන්දුවෙන ගමන් ආයෙම කියනවා

බ්ලොග් එකක් රසවත් වෙන්නේ ඒ තුලින් ඇතිවෙන කථිකාවට අනුව
ඒ වගේමයි මම චූන් වෙන්නෙත් ඔයාලගේ කොමෙන්ට් දැකලා නොවැ

බ්ලොග බලලා අඩුම තරමේ මට බැනලා හරි යන්න ඈ

එහෙනම් සුභ දවසක් කිව්වා ඕං ! :) 

Friday, April 4, 2014

CCTV කුප්පි (04) - ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු


CCTV කුප්පි ටික ඇදගෙන යන්නේ නැතුව ඉක්මනට ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ 
පට පට ගාලා ලියලා දානවා කියලා හිතුවාට වැඩේ පටන් ගත්තමයි බරපතල කම තේරුණේ 

* CCTV ගැන මුලික දැනුම
* CCTV පද්ධතියක් තෝරාගැනිම ගැන
* CCTV පද්ධතිය සවි කිරිම ගැන
* ඔන්ලයින් බලන්න ඩොමෙන් එකක් ගන්න ක්‍රමය ගැන
* Device එක කන්ෆිග් කරගන්න ක්‍රමය 


අප්පේ තව කොච්චර නම් ලියන්න තියෙනවාද 
ඇද ඇද හිටියොත් වැඩේ ඉවරයක් කරන්න වෙන්නේ නැහැ 
එහෙම උනොත් වෙන්නේ මම DVR ගැන කියලා දෙනකොට ලංකාවේ IVR යුගේ ඇවිල්ලා තියේවි :D :D 

ඒ නිසා ඉක්මනින්ම මේ කුප්පි ටික ලියලා ඉවර කරන්න හිතුණා 
කතා ඇති දැන් වැඩේට බහිමු.

සිරිපාලට තියෙනවා පුංචි කඩයක් 
සිරිපාලයට ඔනි දැන් කැමරා සිස්ටම් එකක් දාගන්න 
මොකද කරන්නේ 
( 0773864180 ට කතා කරලා කැලුම් කැමරා සැට් එකක් දාන්න ඔනි කියද ගාන කියලා අහලා වැඩේ බාර දෙන්නත් පුළුවන් :D :D )
එහෙම නැතුව සිරිපාලම කැමරා ටික හයි කොරගන්න යනවා කියලා හිතමු 
කොහොමද කරගන්නේ 
අපි අද ඒ ගැන කතා කරමු 

ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු 

CCTV පද්ධතියක් සවි කරන්න කලින් හොයා බලන්න ඔනි කරුණු කිහිපයක් තියෙනවා 

1 වැය කල හැකි පිරිවැය 
2 අවශ්‍යතාවය ( බිය වැද්දවීම / රෙකෝඩින් / ඔන්ලයින් බැලිම )
3 වැය කල පිරිවැයෙන් අවශ්‍යතාවය ඉශ්ට වෙනවාද යන වග 

අපි හිතමු කෙනෙකුට ඔනි සොර සතුරන් බිය වැද්දවීම විතරමයි කියලා 
එහෙම දෙයකට ලොකු දෙයක් කරන්න ඔනි නැහැ ලොකු වියදම් කරන්න ඔනිත් නැහැ 
Fake CCTV Camera ඔන තරම් EBay එකේ ගන්න තියෙනවා 
අරගෙන හයි කරන්නයි තියෙන්නේ.


01 ) Web Cam මගින් CCTV පද්ධතියක් 

කෙනෙකුට ඕනි ගෙයි ඉස්සරහා තියෙන කුකුල් කූඩුවට හොරෙක් පැන්නොත් ඒ හොරාව කවුද කියලා බලාගන්න.
ලොකු ගාණක් යන්නේ නැහැ. සාමාන්‍ය හොද තත්වයේ වෙබ් කැමරාවකුයි , USB කේබල් එකකුයි සම්භන්ධ කරලා ගෙයි තියෙන පරිගණකයේ රෙකෝඩ් කරන්න පුළුවන් 
ඒ විතරක් නෙවෙයි ඔනි නම් සැට්න් හදලා වෙන කොහේ හරි ඉදං බලන්න උනත් හදාගන්න පුළුවන් 

හැබැයි මේ ක්‍රමයේ අවාසිත් තියෙනවා අපි ඒ ගැන පස්සේ කුප්පියකින් කතා කරමු 
අද මම කියලා දෙන්න කරන්න පුළුවන් ක්‍රම ගැන විතරයි 



02 )  IP Camera 


තමන්ගේ කඩේ හරි ගෙදර හරි වෙන දේවල් තමන්ගේ මොබයිල් එකෙන් හරි ඔෆිස් එකේදී PC එකෙන් හරි බලන්න. 
ඒ වගේ වෙලාවට IP Camera කැමරා එකක් යූස් කරලා අඩු මුදලකට ඒ දෙය කරගන්න පුළුවන්


03 ) PC Based Digital video recorder 
( PCI /USB DVR Card )

ඔන්න තව කෙනෙකුට ඔනි  බජට් එක අඩුවෙන් වැඩේකරගන්න 
 DVR එකක් , හාඩ් එකක් වගේ ජිල්මාට් ටික ගන්න ගියොත් බර ගාණක් වැය වෙනවා නොවැ
මොකද කරන්නේ වැඩේ අතාරිනවාද ?
නැහැ

කැමරා ටික විතරක් අරගෙන ඒක පරිගණකයට සම්බන්ධ කරලා DVR එකෙක් කරනා කාර්‍ය පරිගණකයක පටවන්න පූළුවන්
ඒකට PC එකට සම්බන්ධ කරන DVR කාඩ් මිලදී ගන්න තියෙනවා
PCI / USB කියන මාදිලි දෙකෙන්ම 












04 ) Digital video recorder systems 

Add caption














මිල පොඩ්ඩක් වැඩි උනත් සාර්ථකම ක්‍රමය තමයි මේක. 

4 /8 /16 වගේ ගුනාකාර වලින් කැමරා සවි කළ හැකි DVR මිලදි ගන්න තියෙනවා 


ඔන්න එහෙනම් දැන් ඔයාලට හරියන්නේ මොන සිස්ටම් එකද කියලා සාමාන්‍ය වැටහීමක් ඇති
අපි ඊලග දවසේ එක එක ක්‍රමය ගැන ඉගන ගමු

ඔයාලා පළමුවෙන්ම දැනගන්න කැමති මොන ක්‍රමය ගැනද කිව්වොත් මට ලේසියි එතනින් වැඩේ ස්ටාර්ට් කරන්න


අනිත් දේ තමයි
මගේ කලින් බ්ලොග් පෝස්ට්  එකට එක්කෙනෙක් වත් කොමෙන්ටුවක් දාලා නැහැ :(

මම හිතන්නේ ඔයාලගේ අදහස් නැතුව මට මේ බ්ලොග් එක කරගෙන යන්න අමාරුයි
ඒ නිසා කුනුහබ්බෙන් හරි කමක් නෑ
අදහස ලියලා යනවා නම් ගොඩාක්ම වටිනවා :D :D

ඔය ගමන්ම බුකියේ CCTV සිංහලෙන්  පේජ් එකටත් එකතු වෙන්න

Tuesday, April 1, 2014

CCTV කුප්පි (03) - පද්ධතියක් අපටම සවි කරගන්න අවශ්‍ය ආයුධ


අපේ අප්පොච්චාට ගොඩින් අක්කර මෙච්චරයි මඩින් අක්කර මෙච්චරයි තියෙනවා
ඔය 'වල්ලපට්ටා' ගස් නොතිබුණාට
ගොඩ ඉඩං වල ගොඩාක් තියෙන්නේ "පොල්"

අපේ ගෙදර පොල් ලෙලි ගහන්න තියෙනවා ලොකු උලක්
ඒකට "  පොල් උල " කියලාත් " අලවංගුව " කියලාත් කියනවා

හැබැයි ඔය කියන උල නෑ කියලා පොල් ලෙලි නොගහා ඉන්නේ නැහැ
කිව්වට මොකො පැත්ත ගහපු උදැල්ලත් පොල් ලෙලි ගහන්න කියාපු බාණ්ඩේ :D


අම්මපා ...
CCTV ගැන කියලා දෙන්න ඇවිත් මූ පොල් ලෙලි ගහන්න කියලා දෙනවාද
කියවන හුදී ජනයා දෝස්මුරේ පවත්වන්න කලින් ඔන්න මම පටාං ගාලා මාතෘකාවට බැස්සා

පොල් සුද්ද කරන්න .. ලෙලි අරින් කරන්න අලවංගුව නැත්තං උදැල්ල භාවිතා කරනවා වගේම
මම මේ අද CCTV පද්ධතියක් සවි කරන්න අවැසි කරන අඩුම කුඩුම නෑ කියලා වැඩේ බෑ කියන්නේ නැහැ

වෘතිමය ලෙස CCTV සවි කරනවා නම් හෝ ක්‍රමවත්ම හා පහසුවෙන් පද්ධතිය සවි කරගන්න ඔනි නම්
මේ අද මම ඔයාලට කියලා දෙන ආයුධ කෑලි බෑලි ටික මිලදී ගන්න එක වටිනවා


CCTV පද්ධතියක් සවි කිරිමට මොනවද අවශ්‍ය ආයුධ ( Tools )


01 Multimeter එකක් 

මේවාගේ වර්ග දෙකක් තියෙනවා 


Analog Multimeter                                      Digital  Multimeter 

                                         









මම නම් බොහෝම ඉස්සර භාවිතා කලේ ඇනලොග් මල්ටීමීටර්. ඒත් කාලයත් එක්ක යනකොට ඩිජිටල් මල්ටීමීටර් එකක පහසුව තේරුනා 

මේක වැඩි මිලක් වෙන්නේ නැහැ පිටකොටුව පළවෙනි හරස් විදීයේ නම් Rs 250 ඉදලාම තියෙනවා
ඒ මිල එකක් උනත් වැඩේට ඇතිත් එක්ක
ඒත් රුපියල් 1000 විතර එකක් ගන්න තිබුණා නම් කල්පැවැත්තම හොදයි
ඔබ මිලදී ගන්න මල්ටී මීටර් එකේ Buzzer එක තියෙනවා නම් ගොඩාක් පහසුයි
බසර් එකට අපේ භාෂාවේ කියන්නේ " බීප් " එක කියලා
එහෙම කියන්නේ මල්ටී මීටර් එකේ බසර් එකට මීටර් එකේ කටුව කරකෝලා රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි තිබ්බාම බීප් කියලා සද්දයක් එනවා


CCTV හයි කරනකොට මල්ටියෙන් චෙක් කරන්න පුළුවන් මොනවද හැබෑටම

1 Voltage එක ( AC 7 DC )
2 Wire Connections
3 Connectors


ඔය දේවල් තමයි මූලිකවම _________________________________________________________________________

02 Cable  Tester  එකක් 
මේකට Wire Tester කියලාත් කියනවා 
වයර් අග්‍ර දෙකක් අතර සම්බන්ධතාවය පරික්ෂා කිරිම තමයි මේ උපංගයෙන් කරන්නේ. ලොකු ගානක්  වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් පිටකොටුවේ නම් රුපියල් 650 ඉදලා ගන්න පුළුවන් 
ඒත් ඔයාලට පුළුවන්නම්

RJ45 ( නෙට්වර්ක් වයර් )
RJ11 ( ටෙලිෆෝන් වයර් )
Coaxial Cable ( TV ඇන්ටනා වයර් )

යන සියලුම වයර් පරික්ෂා කරගන්න ඕල් ඉන් වන් කේබල් ටෙස්ටර් එකක් ගන්න වැඩේ ගොඩ.
____________________________________________________

03 RJ45 Crimp Tool එකක් 

ඔයාලා දන්නවා ඇති ටෙලිෆෝන් රවුටර් එකට වයර් එක සවි වෙන කනෙක්ටර් එක
ඒකට කියන්නේ RJ45 කනෙක්ටර් එක කියලා
අන්න ඒක වයර් එකට ඈදන උපාංගයට තමයි
Crimp ටූල් එක කියන්නේ
රුපියල් 600 -700 හොද වර්ගයේ එකක් ගන්න පුළුවන්. හැබැයි ඔය කනෙක්ටර් 50 තියෙනවා කියලා මම දාලා තියෙන ෆොටො එකේ තිබුනාට කඩේට ගිහින් මුදලාලි මාමාට වලි දාන්න එපා :D
මොකද ඕක නෙට් එකක් ගත්ත ෆොටෝ එකක් නොවැ :D :D 


( BNC Crimp Tool / Coaxial Cable Cutter වගේ දේවල් ප්‍රයෝජනවත් උනත් අත්‍යවශයම නැහැ
අපි ළග තියෙන බ්ලේඩ් , අඩූ මාර්ගයෙන් ඒ දේවල් කරගන්න පුළුවන් )

_________________________________________________

04 CCTV Tester එකක්.


 මේක අවශ්‍යම උපාංගයක් නෙවෙයි. ( ඇත්තම කිව්වොත් මේකක් මටත් නැහැ :( )
වෘතීමය ලෙස දිගටම මේ ෆීල්ඩ් එකේ නියැලෙනවා නම් ගන්න එක වටිනවා

මේ උපංගය මගින් කේබල් වල තත්වය , කැමරාවේ ඈන්ගල් එක , PTZ (පසුව ඒ ගැන කියලා දෙන්නම් ) වගේ බොහෝ දේවල් පරික්ෂා කරන්න පුලුවන්

වඩාම වැදගත් දේ තමයි අපි උඩක නැගලා කැමරාවක් සවි කරනවා නම් ඒ ස්ථානයේ ඉදලාම මේ උපංගය සවි කරලා බලන්න පුලුවන් කැමරාවේ කෝණය හරිද කියලා 

Ebay එකෙන් ගන්නත් පුළුවන්

නැත්තං ඉස්සර "නයිTN" බලනකොට වගේ "
ඇන්ටනාව තව පොඩ්ඩක් එහාට මෙහාට කියලා කෑ ගහන්න වෙනවා " :D :D 

05 Other Tools 

ඔය අඩුවක් , මිටියක් , පේපර් කටර් එකක් , ටෙස්ටට් එකක් , මල් / ප්ලැට් ඉස්කුරුප්පු නියන් දෙක තුනක්, වයර් කටර් එකක් , පුංචි පිහියක් ඔය වගේ වැඩකට ඔනි කරන කළමනා ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ 
එව්වා මෙව්වා හොයාගන්න නැත්නම් යන්න පලවෙනි හරස් වීදියේ 
රුපියල් හැටායි හැටායි කියලා විකුණන එව්වා මෙව්වා අස්සෙන් අපුරුවට හොයන්න පුලුවන්.

ඔන්න එහෙනම් හා හා පුරා කියලා ඔනි කරන කලමනා ගැන ඔයාලා දැනුවත් කරලා ඉවරයි 

ඊළග සතියේ CCTV පද්ධතියක උපංග ගැන අදුරගෙන කෙළින්ම වැඩේට බහිමු.

හැබැයි දාහක් වැඩ අස්සේ යකා පුකේ බැදගෙන මම මේ ලිපි මාලාව ලියන්නේ ඔයාලාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා :) :)
ඉතිං බ්ලොග් එකට ගොඩ වෙන අමුත්තෝ ආවා ගියා කියලා පොඩි සටහන් යටින් ලියලා යනවා නම්
අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් සටහන් කරනවා නම් ලොකු හයියක් වෙයි මට :D


එහෙනම් ඕං CCTV ඊළග කුප්පියන් අපි හමුවෙමු 
සුබ දවසක් කිව්වා :)


Wednesday, March 26, 2014

CCTV කුප්පි (02) ඇයි අපි CCTV පද්ධතියක් අපේ ගෙදරට ඔෆිස් එකට සවි කරන්නේ

ඕං හා හා පුරා CCTV කුප්පි දෙක අකුරු කරන්නයි යන්නේ..

මම CCTV ඉගැන්නුවාට උගතෙක් ජගතෙක් පොරක් නෙවෙයි 
මම දන්න චුටිම චූටි දේ නොදන්නා කෙනෙකුට කියලා දෙන්නයි මට උවමනාව 

මම ලියන ලිපි මාලාවේ අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන් 
තව කොටසක් මේ දේවල් ලියන එක ගැන කේන්ති ගන්නත් පුළුවන් 
අපට බඩේ පාර නේද කියලා :D 

ඉතිං 
කවුරු මොනවා කිව්වත් ... කළත් කමක් නැහැ 

මම ආරම්භයේම පොරොන්දු වෙනවා 
මේ ලිපි මාලාව අවසානයේ ඔබට තනියවම CCTV පද්ධතියක් සවි කිරීමට 
100% දැනුම දෙන බවට 

හා ... හා .. කතාව ඔනි නෑ 

අපි කුප්පි එකේදි කතා කළා CCTV කියන්නේ මොකක්ද කියන එක ගැන 
අපි අද කතා කරමු CCTV පද්ධතියක් අපි සවි කරන්නේ ඇයි 
ඒයින් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා 

ඊට කලින් අපි මේ සිස්ටම් එකේ අතිතය ගැන හොයලා බලමු 
____________________________________-
මුලින්ම Closed circuit television ( CCTV ) පද්ධතියක් භාවිතා කරලා තියෙන්නේ
1942 වසරේ ජර්මනියේදී Siemens AG අය විසින්.
ඒ පරමාණු පිපිරවීමකට අදාළ වූ දර්ශන ඈත සිට ලබාගන්න කියලයි 
පොත පතේ සදහන් වෙන්නේ.



_____________________________________

ඇයි අපි CCTV පද්ධතියක් අපේ ගෙදරට ඔෆිස් එකට සවි කරන්නේ 

ප්‍රධානම දේ තමයි ලංකාවේ ඉන්න කම්බ හොරුන්ගෙන් බඩු මුට්ටු ටික ප්‍රවේසම් කරගන්න එක 
ඒ වගේම තමයි ඔෆිස් එකක වගේ සවි කළාම සේවක කාර්‍යක්ෂමතාව හිටු ගාලා වැඩි වෙනවා 
මල් කඩන එකාට මල් කඩන්න බයයි 
වේලාසනින් පනින එකාට වේලාසනින් පනින්න බයයි 
නිදාගන්න එකාට නිදාගන්න බයයි 

ඇයි හත් දෙවියනේ ලොකු තැන කොහේ ඉදං හොම්බ දාන ඉන්නවා කියලා දන්නවායැ :D


හොදයි අපි දැන් 
CCTV පද්ධතියක වාසි ගැන අපි දැන් කතා කරමු 


1 මුලික පිරිවැය දැරිමෙන් අනතුරුව නඩත්තුව සදහා වියදම් අවම වීම
2 ඉතා අඩු විදුලියක් වැය වීම 
3 ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සවි කිරිමේ හැකියාව 
4 ලෝකයේ ඔනැම තැනක සිට ජංගම දුරකථනයෙන් හෝ ඉන්ටර්නෙට් හරහා නැරඹිමේ හැකියාව 
5 ෆයර් එලාම් , ස්මෝක් එලාම් , ගැස් ඩිටෙක්ට් එලාම් වැනි දේ සවි කිරිමේ හැකියාව 
( ඇතැම් පද්ධතින් සදහා පමණයි )

හ්ම්.........

ඔන්න දැන් අපි CCTV කියන්නේ මොකක්ද කියන එක ගැන 
ඇයි CCTV සවි කරන්නේ කියන එක ගැන 
වාසි ප්‍රයෝජන ගැන කතා බහ කළා 

අපි ඊළග කුප්පියේ ඉදලා කෙළින්ම වැඩේට බහිමු 

ඊළග පාඩම් මාලාවෙන් CCTV පද්ධතියක් සවි කරන්න අවශ්‍ය කරන මුලික උපාංග ගැන 
දැනුම ලබාදෙනවා 

ඕං එහෙනම් මගේ බ්ලොක් කෑල්ලට ෆලො එකෙකුත් දාලා කොමෙන්ට් එකකුත් බාලාම 
මේකෙන් චුත වෙලා ගියා නම් :D :D :D 


සුබ දවසක් කිව්වා !

Monday, March 24, 2014

මොකක්ද මේ CCTV කියන්නේ - කුප්පි 01

ආයූබෝං කිව්වා

ඕං නමෝ විත්තියෙන් CCTV කුප්පි මාලාවක් ස්ටාර්ට් කරන්නයි සූදානම් වෙන්නේ

කොහෙද කැලුම් පටාං ගන්න හැම දෙයක්ම අමතරමග
ඌ කවද්ද එකක් වත් හරියකට ඉවර කරලා තියෙන්නේ ....

හෝවු .... හෝවූ .....
බණින්න එපා මේ කුස්සි සැට් එක නම් ඉවරයක් කරලා තමයි නවත්තන්නේ.

හැබැයි ඉතිං එක දෙයක් කියන්න ඔනි
මම මේ ලියන්නේ කියන්නේ හැමදෙයක්ම කොරන්නේ වැඩ පල අස්සේ
ඒ නිසා ලියන කියනකොට ප්‍රින්ටින් මිස්ටැක් තියෙන්න පුලුවන් 
:D ගණන් ගන්න එපා ඈ

දැන් කතා බහ ඇති අපි වැඩේ පටාං ගමු.




මොකක්ද මේ CCTV කැමරා කියන්නේ 


ඇයි අප්පේ දන්නේ නැද්ද අර කඩවල් වල ගෙවල් වල තියෙන්නේ අර කොකා වගේ කැමරාව
මොනිටර් එකකින් පේන්නේ එන යන අය
හරි ඒක තමයි ...
ඒත් CCTV කියන්නේ හරියටම එක නෙවෙයි

______________________________________________________
CCTV යනු ,

CCTV යන්නේ අර්ථය 
Closed circuit television
සිංහලෙන් කිව්වොත් වසන ලද විද්‍යුත් රූපවාහිණි පද්ධතියෙක්.

සාමාන්‍ය රූපවහීණි පද්ධතින් වලින් ඕනැම කෙනෙකුට අදාල සිග්නල් ග්‍රහණය කරගෙන
නැරඹිමේ පහසුමක තියෙනවා
CCTV වල විශේෂත්වය යන්නේ යොදනා ලද මුරපදයකට අනුව තෝරාගත් සීමාසහිත පිරිසකට පමනක්
අදාල විඩියෝ දර්ශන නැරඹිමේ හැකියාවයි 

______________________________________________________
දැන් CCTV කියන්නේ මොකක්ද කියන එක ගැන පුංචි දැණුමක් එන්න ඇති

මගේ මේ කුප්පි සැට් එකේ අරමුණ වෙන්නේ 100% ඔයාලට ඔයාලගේ නිවසේ , කාර්යාලයේ
හෝ වෙනත් ස්ථානයක තනිවම CCTV පද්ධතියක් සවි කරගන්න අවශ්‍ය දැනුම දෙන එක.

ඒ වගේම ඔබට ඒ දෙය තනිව කරගන්න බැරිනම් වෙනත් සේවා දායකයෙකු හරහා CCTV සවි කරනවා නම් ඔබ මූලිකව CCTV ගැන සියළු කරණු දැන සිටිම ඔබව ගොනාට ඇන්දවීමෙන් වැලකීමට උපකාරයක් වේවි.


_______________________________________________
අපි CCTV පද්ධතියක් සවි කරන්නේ ඇයි

1 සොර සතුරු උපද්‍රව වලින් බේරෙන්න

2 ඔෆිස් වල වගේ නම් කාර්‍යක්ෂමතාවය වර්ධනය කරන්න

3 ඇඩ්වාන්ස් CCTV පද්ධතින් මගින් නම් ඇතුල්වෙන මිනිසුන් වාහන වගේ දේවල් කවුන්ට් කරන්න

4 ගින්නක් , දුමක් වගේ දේවල් අදුරගන්න හා එවැනි දේ වලින් ආරක්ෂා වෙන්න
( සාමාන්‍ය පද්ධතින් වල මෙම පහසුමක නැත )

5 ස්ථානයට අගයක් දෙන්න 

______________________________________________

හොදයි ...

අපි අද මුලික කරුණු ටික ගැන දැනගත්තා
ඊලග දවසේ CCTV කැමරා සවි කිරිමේ වාසි අවාසි ගැනත්
CCTV පද්ධතින්ගේ අතිතය ගැනත් කතා කරලා

* තමන්ට අවශ්‍ය පද්ධතිය කොහොමද කියලා අදුරගන්නේ
* තනිවම කොහොමද සවි

කරගන්නේ
* ඒ සදහා යන වියදම්
ආදී හැම දෙයක්ම ගැන කතා කරමු

ඒ වගේම පොරොන්දුවක් වෙනවා මේ කුප්පි මාලාව අවසානය දකවාම කරන බවටත්
කිසිම ගුරු මුට්ටියක් තියාගන්නේ නැතුව බොක්කේ තියෙන දේවල් එලියට දාන බවටත්

කෙනෙක් කියන්න පුලුවන්
මේවා එලියට දාන එක වැරදි .... අපට බඩේ පාර නේද කියලා
නැහැ ... මමත් CCTV පද්ධතින් සවි කරන කෙනෙක්
ඒත් මම අදහන දහමක් තමයි අපි කෙනෙකුට දෙයක් කියලා දුන්නොත් ඒක කවදාවත් වරදින්නේ නැහැ

ඒ වගේම ඔයාලා අතට මට වඩා බොහෝ දන්න කියන අය ඇති
ඒ අයට මම ආරාධනා කරනවා මම ලියන කියන දේවල් වල මොනවා හරි වැරැද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා

එහෙනම් ටටා කිව්වා ...
ඊලග කුප්පියෙන් හමුවෙමු ...

( හැබැයි ඊලග කුප්පිය පටාං ගන්න ඔයාලගේ ෆුල් අප් එකක් ඔනි නෑ
මේකට රුචි අය අඩුයි නම් ලියලා වැඩක් නෑ නොවැ :D :D