Friday, April 4, 2014

CCTV කුප්පි (04) - ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු


CCTV කුප්පි ටික ඇදගෙන යන්නේ නැතුව ඉක්මනට ඉවරයක් කරන්නයි ලෑස්ති වෙන්නේ 
පට පට ගාලා ලියලා දානවා කියලා හිතුවාට වැඩේ පටන් ගත්තමයි බරපතල කම තේරුණේ 

* CCTV ගැන මුලික දැනුම
* CCTV පද්ධතියක් තෝරාගැනිම ගැන
* CCTV පද්ධතිය සවි කිරිම ගැන
* ඔන්ලයින් බලන්න ඩොමෙන් එකක් ගන්න ක්‍රමය ගැන
* Device එක කන්ෆිග් කරගන්න ක්‍රමය 


අප්පේ තව කොච්චර නම් ලියන්න තියෙනවාද 
ඇද ඇද හිටියොත් වැඩේ ඉවරයක් කරන්න වෙන්නේ නැහැ 
එහෙම උනොත් වෙන්නේ මම DVR ගැන කියලා දෙනකොට ලංකාවේ IVR යුගේ ඇවිල්ලා තියේවි :D :D 

ඒ නිසා ඉක්මනින්ම මේ කුප්පි ටික ලියලා ඉවර කරන්න හිතුණා 
කතා ඇති දැන් වැඩේට බහිමු.

සිරිපාලට තියෙනවා පුංචි කඩයක් 
සිරිපාලයට ඔනි දැන් කැමරා සිස්ටම් එකක් දාගන්න 
මොකද කරන්නේ 
( 0773864180 ට කතා කරලා කැලුම් කැමරා සැට් එකක් දාන්න ඔනි කියද ගාන කියලා අහලා වැඩේ බාර දෙන්නත් පුළුවන් :D :D )
එහෙම නැතුව සිරිපාලම කැමරා ටික හයි කොරගන්න යනවා කියලා හිතමු 
කොහොමද කරගන්නේ 
අපි අද ඒ ගැන කතා කරමු 

ඔබට ගැලපෙන CCTV පද්ධතිය තෝරාගමු 

CCTV පද්ධතියක් සවි කරන්න කලින් හොයා බලන්න ඔනි කරුණු කිහිපයක් තියෙනවා 

1 වැය කල හැකි පිරිවැය 
2 අවශ්‍යතාවය ( බිය වැද්දවීම / රෙකෝඩින් / ඔන්ලයින් බැලිම )
3 වැය කල පිරිවැයෙන් අවශ්‍යතාවය ඉශ්ට වෙනවාද යන වග 

අපි හිතමු කෙනෙකුට ඔනි සොර සතුරන් බිය වැද්දවීම විතරමයි කියලා 
එහෙම දෙයකට ලොකු දෙයක් කරන්න ඔනි නැහැ ලොකු වියදම් කරන්න ඔනිත් නැහැ 
Fake CCTV Camera ඔන තරම් EBay එකේ ගන්න තියෙනවා 
අරගෙන හයි කරන්නයි තියෙන්නේ.


01 ) Web Cam මගින් CCTV පද්ධතියක් 

කෙනෙකුට ඕනි ගෙයි ඉස්සරහා තියෙන කුකුල් කූඩුවට හොරෙක් පැන්නොත් ඒ හොරාව කවුද කියලා බලාගන්න.
ලොකු ගාණක් යන්නේ නැහැ. සාමාන්‍ය හොද තත්වයේ වෙබ් කැමරාවකුයි , USB කේබල් එකකුයි සම්භන්ධ කරලා ගෙයි තියෙන පරිගණකයේ රෙකෝඩ් කරන්න පුළුවන් 
ඒ විතරක් නෙවෙයි ඔනි නම් සැට්න් හදලා වෙන කොහේ හරි ඉදං බලන්න උනත් හදාගන්න පුළුවන් 

හැබැයි මේ ක්‍රමයේ අවාසිත් තියෙනවා අපි ඒ ගැන පස්සේ කුප්පියකින් කතා කරමු 
අද මම කියලා දෙන්න කරන්න පුළුවන් ක්‍රම ගැන විතරයි 



02 )  IP Camera 


තමන්ගේ කඩේ හරි ගෙදර හරි වෙන දේවල් තමන්ගේ මොබයිල් එකෙන් හරි ඔෆිස් එකේදී PC එකෙන් හරි බලන්න. 
ඒ වගේ වෙලාවට IP Camera කැමරා එකක් යූස් කරලා අඩු මුදලකට ඒ දෙය කරගන්න පුළුවන්


03 ) PC Based Digital video recorder 
( PCI /USB DVR Card )

ඔන්න තව කෙනෙකුට ඔනි  බජට් එක අඩුවෙන් වැඩේකරගන්න 
 DVR එකක් , හාඩ් එකක් වගේ ජිල්මාට් ටික ගන්න ගියොත් බර ගාණක් වැය වෙනවා නොවැ
මොකද කරන්නේ වැඩේ අතාරිනවාද ?
නැහැ

කැමරා ටික විතරක් අරගෙන ඒක පරිගණකයට සම්බන්ධ කරලා DVR එකෙක් කරනා කාර්‍ය පරිගණකයක පටවන්න පූළුවන්
ඒකට PC එකට සම්බන්ධ කරන DVR කාඩ් මිලදී ගන්න තියෙනවා
PCI / USB කියන මාදිලි දෙකෙන්ම 












04 ) Digital video recorder systems 

Add caption














මිල පොඩ්ඩක් වැඩි උනත් සාර්ථකම ක්‍රමය තමයි මේක. 

4 /8 /16 වගේ ගුනාකාර වලින් කැමරා සවි කළ හැකි DVR මිලදි ගන්න තියෙනවා 


ඔන්න එහෙනම් දැන් ඔයාලට හරියන්නේ මොන සිස්ටම් එකද කියලා සාමාන්‍ය වැටහීමක් ඇති
අපි ඊලග දවසේ එක එක ක්‍රමය ගැන ඉගන ගමු

ඔයාලා පළමුවෙන්ම දැනගන්න කැමති මොන ක්‍රමය ගැනද කිව්වොත් මට ලේසියි එතනින් වැඩේ ස්ටාර්ට් කරන්න


අනිත් දේ තමයි
මගේ කලින් බ්ලොග් පෝස්ට්  එකට එක්කෙනෙක් වත් කොමෙන්ටුවක් දාලා නැහැ :(

මම හිතන්නේ ඔයාලගේ අදහස් නැතුව මට මේ බ්ලොග් එක කරගෙන යන්න අමාරුයි
ඒ නිසා කුනුහබ්බෙන් හරි කමක් නෑ
අදහස ලියලා යනවා නම් ගොඩාක්ම වටිනවා :D :D

ඔය ගමන්ම බුකියේ CCTV සිංහලෙන්  පේජ් එකටත් එකතු වෙන්න

34 comments:

  1. එලකිරි මචං.. දිගටම ලියපං...

    ReplyDelete
  2. නියමයි මචන් දිගටම ලියපන් අපි උබ එක්ක ඉන්නවා

    ReplyDelete
  3. H.264 කියල හැම DVR එකකම වගේ තියෙනවා එකේ තේරුම මොකක්ද ? කැලුම් අය්ය

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ගැන ක්‍රමානුකුලව ඉගන ගමු මල්ලි
      DVR කුප්පියේ අහන්නකො

      Delete
    2. H.264 කියන්නේ වීඩියෝ එන්කෝඩින් ෆෝමැට් එකක්. ඉස්සරහට තේරේවි

      Delete
  4. මේක මගෙ අදහසක් වැඩේ මෙතනින් (04 ) Digital video recorder systems ) පටන් ගනින් මචන්

    ReplyDelete
  5. digatama liyapan
    -Nisal shakila

    ReplyDelete
  6. ela ela d v r eka gena liyanna

    ReplyDelete
  7. එල එල...මම කලින් නම් මේ බ්ලොග් එක දැක්කේ නෑ...ඒත් මම සේරම ටික බැලුවා..ගොඩක් අය ලින්ක් එක ශෙයා කරලා..මමත් කරා ඔන්න...
    දිගටම ලියන්න...
    IP Camera වලින් පටන්ගන්නවනම් හොඳා...ඕන එකක් අවුලක් නෑ..මම දිගටම ඉන්නවා...
    පොස්ට් එක ලියලා fb ශෙයා කරන්න...

    ReplyDelete
  8. ඔයි මම දැම්මා .. ගිය පාර එකට .. බලපන් අප්රු කරන්න ඇති ,,, මලිටි මිටර් ගැන කමෙන්ට් එකක් දැම්මේ ...
    මේකත් එල ...

    ReplyDelete
  9. DVR gana karamu digatama :)

    ReplyDelete
  10. එහෙනම් ක්‍රමානුකූලව නැතුව අංක 04 පටන් ගන්නවා ඈ

    ReplyDelete
    Replies
    1. ekaparatama 4n patanganna epa, step by step yamu. ethakota apita hema kramayak genama hoda denumak labaganna puluwan :)

      Delete
  11. 3 වෙනි එකෙන් පටන් ගත්තොත් හොදා..

    ReplyDelete
  12. තාම කස කාරයෝ විතරද බන්?
    කමක් නෑ පෙරහැර එනවා කියලා ෂුවර්නම්

    ReplyDelete
  13. දිගටම ලියන්න අයියෙ.. ලංකාවෙ කෙනෙක් සාමාන්‍යෙන් කරන්නෙ නැති වැඩක් කරන්නෙ අයිය.. පිලිවෙලකට ලියන්න.. කොහෙන් පටන්ගත්තත් කමක් නෑ..

    ReplyDelete
  14. patta igena ganna lesi thana kin patan ganta.....

    ReplyDelete
  15. අපෙත් ඔපීසිය‍ෙ තියෙනවා....පොඩි අවුලක් දාන ක්‍රමයක් කියපන් කැවුමො....හික්ස්....

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ekaparatama 4n patanganna epa, step by step yamu. ethakota apita hema kramayak genama hoda denumak labaganna puluwan :)

    ReplyDelete
  18. වැඩේ එළ මචං. දිගටම ලියන්න

    ReplyDelete
  19. ම්ස්ට කැවුම් බ්ලොග් පොස්ට් අස්සෙ ඇඩ් දැම්ම එක නම් අනුමත කරන්නෙ නෑ ඔන්න :v

    ReplyDelete
  20. මගුලක් කියන්න එපා :p රුපියල් 7500 කෝස් එකක් නිකං දෙන මම කීයක් හරි හොයාගන්න එපාද අම්මපා ඈ
    :)

    කැලුම් විජේවර්ධන

    ReplyDelete
  21. 3 weni eken patan gatthanam elakiri saha jalaya......................

    ReplyDelete
  22. ටිකක් විස්තර ඇතුව ලියහං මචං

    ReplyDelete
  23. හොද වැඩක්... දිගටම ලියන... DVR වලින් වාගේ පටන් ගතොත් හොදයි නේද?

    ReplyDelete
  24. Moken hari kamak na ikmanata oa liyala iwara karapan
    Nathnam api naaki wela idi muge kuppi tika iwara weddi

    ReplyDelete
  25. kawadada ban kupi 5 danna......

    ReplyDelete

ස්තුතී