Showing posts with label CCTV. Show all posts
Showing posts with label CCTV. Show all posts

Monday, March 24, 2014

මොකක්ද මේ CCTV කියන්නේ - කුප්පි 01

ආයූබෝං කිව්වා

ඕං නමෝ විත්තියෙන් CCTV කුප්පි මාලාවක් ස්ටාර්ට් කරන්නයි සූදානම් වෙන්නේ

කොහෙද කැලුම් පටාං ගන්න හැම දෙයක්ම අමතරමග
ඌ කවද්ද එකක් වත් හරියකට ඉවර කරලා තියෙන්නේ ....

හෝවු .... හෝවූ .....
බණින්න එපා මේ කුස්සි සැට් එක නම් ඉවරයක් කරලා තමයි නවත්තන්නේ.

හැබැයි ඉතිං එක දෙයක් කියන්න ඔනි
මම මේ ලියන්නේ කියන්නේ හැමදෙයක්ම කොරන්නේ වැඩ පල අස්සේ
ඒ නිසා ලියන කියනකොට ප්‍රින්ටින් මිස්ටැක් තියෙන්න පුලුවන් 
:D ගණන් ගන්න එපා ඈ

දැන් කතා බහ ඇති අපි වැඩේ පටාං ගමු.




මොකක්ද මේ CCTV කැමරා කියන්නේ 


ඇයි අප්පේ දන්නේ නැද්ද අර කඩවල් වල ගෙවල් වල තියෙන්නේ අර කොකා වගේ කැමරාව
මොනිටර් එකකින් පේන්නේ එන යන අය
හරි ඒක තමයි ...
ඒත් CCTV කියන්නේ හරියටම එක නෙවෙයි

______________________________________________________
CCTV යනු ,

CCTV යන්නේ අර්ථය 
Closed circuit television
සිංහලෙන් කිව්වොත් වසන ලද විද්‍යුත් රූපවාහිණි පද්ධතියෙක්.

සාමාන්‍ය රූපවහීණි පද්ධතින් වලින් ඕනැම කෙනෙකුට අදාල සිග්නල් ග්‍රහණය කරගෙන
නැරඹිමේ පහසුමක තියෙනවා
CCTV වල විශේෂත්වය යන්නේ යොදනා ලද මුරපදයකට අනුව තෝරාගත් සීමාසහිත පිරිසකට පමනක්
අදාල විඩියෝ දර්ශන නැරඹිමේ හැකියාවයි 

______________________________________________________
දැන් CCTV කියන්නේ මොකක්ද කියන එක ගැන පුංචි දැණුමක් එන්න ඇති

මගේ මේ කුප්පි සැට් එකේ අරමුණ වෙන්නේ 100% ඔයාලට ඔයාලගේ නිවසේ , කාර්යාලයේ
හෝ වෙනත් ස්ථානයක තනිවම CCTV පද්ධතියක් සවි කරගන්න අවශ්‍ය දැනුම දෙන එක.

ඒ වගේම ඔබට ඒ දෙය තනිව කරගන්න බැරිනම් වෙනත් සේවා දායකයෙකු හරහා CCTV සවි කරනවා නම් ඔබ මූලිකව CCTV ගැන සියළු කරණු දැන සිටිම ඔබව ගොනාට ඇන්දවීමෙන් වැලකීමට උපකාරයක් වේවි.


_______________________________________________
අපි CCTV පද්ධතියක් සවි කරන්නේ ඇයි

1 සොර සතුරු උපද්‍රව වලින් බේරෙන්න

2 ඔෆිස් වල වගේ නම් කාර්‍යක්ෂමතාවය වර්ධනය කරන්න

3 ඇඩ්වාන්ස් CCTV පද්ධතින් මගින් නම් ඇතුල්වෙන මිනිසුන් වාහන වගේ දේවල් කවුන්ට් කරන්න

4 ගින්නක් , දුමක් වගේ දේවල් අදුරගන්න හා එවැනි දේ වලින් ආරක්ෂා වෙන්න
( සාමාන්‍ය පද්ධතින් වල මෙම පහසුමක නැත )

5 ස්ථානයට අගයක් දෙන්න 

______________________________________________

හොදයි ...

අපි අද මුලික කරුණු ටික ගැන දැනගත්තා
ඊලග දවසේ CCTV කැමරා සවි කිරිමේ වාසි අවාසි ගැනත්
CCTV පද්ධතින්ගේ අතිතය ගැනත් කතා කරලා

* තමන්ට අවශ්‍ය පද්ධතිය කොහොමද කියලා අදුරගන්නේ
* තනිවම කොහොමද සවි

කරගන්නේ
* ඒ සදහා යන වියදම්
ආදී හැම දෙයක්ම ගැන කතා කරමු

ඒ වගේම පොරොන්දුවක් වෙනවා මේ කුප්පි මාලාව අවසානය දකවාම කරන බවටත්
කිසිම ගුරු මුට්ටියක් තියාගන්නේ නැතුව බොක්කේ තියෙන දේවල් එලියට දාන බවටත්

කෙනෙක් කියන්න පුලුවන්
මේවා එලියට දාන එක වැරදි .... අපට බඩේ පාර නේද කියලා
නැහැ ... මමත් CCTV පද්ධතින් සවි කරන කෙනෙක්
ඒත් මම අදහන දහමක් තමයි අපි කෙනෙකුට දෙයක් කියලා දුන්නොත් ඒක කවදාවත් වරදින්නේ නැහැ

ඒ වගේම ඔයාලා අතට මට වඩා බොහෝ දන්න කියන අය ඇති
ඒ අයට මම ආරාධනා කරනවා මම ලියන කියන දේවල් වල මොනවා හරි වැරැද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා

එහෙනම් ටටා කිව්වා ...
ඊලග කුප්පියෙන් හමුවෙමු ...

( හැබැයි ඊලග කුප්පිය පටාං ගන්න ඔයාලගේ ෆුල් අප් එකක් ඔනි නෑ
මේකට රුචි අය අඩුයි නම් ලියලා වැඩක් නෑ නොවැ :D :D