ඔයාලගේ ගෙදරට කැමරා සිස්ටම් එකක් දාන්න ඔනි
යනවා කඩේට
" මේ මුදලාලි මට දෙන්න කැමරා හතරක් "
මුදලාලි නෑ බෑ කියන්නේ නෑ දෙනවා කැමරා :D
ඒත් ...... මේ කැමරාව ගැලපෙනවාද නොගැලපෙනවාද කියලා මුදලාලි දන්නේ නෑ හොයන්නෙත් නෑ
එයාලට ඔනි අළෙවිය :(
ඉතිං
ඔයාලා CCTV වලට බහින්න අදහසක් තියෙනවා නම් අංක එකට කරන්න ඔනි ගැලපෙන කැමරාව මොකක්ද කියන එක හොයාගන්න එක
මට සරළව කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නම්
මුළින්ම එන ප්රශ්නය කැමරාවක් කියක් වෙනවාද හැබෑට
රුපියල් 1500 සිට රුපියල් 150,000 වගේ මිළ ගනන් වලට කැමරා ගන්න තියෙනවා
Camera Type
ප්‍රධාන වශයෙන් කැමරා වර්ග දෙකක් තියෙනවා
- Indoor Camera
- Outdoor Camera
මේ කැමරා වර්ග ගොඩාක් තියෙනවා. අපට වැඩියෙන් ඔනි වෙන Camera අපි අදුරගමු
මේ කැමරා ගොඩාක් වෙලාවට නිශ්පාධනය වෙන්නේ Indoor. ඒ කියන්නේ ගෙවල් , ඔෆිස් වගේ ඇතුලට සවි කරන්න.
ගොඩාක් වෙලාවට කෝප්පයක හැඩය තියෙන මේ කැමරා ඔයාලාට අමුතුවෙන් කියන්න ඔනි නැහැ දැකලා ඇති. අපි කඩේකට ගිහින් කියන්නේ 'ඩූම් එකක්' දෙන්න ඔන්න ඔහොම
ගොඩාක් වෙලාවට කෝප්පයක හැඩය තියෙන මේ කැමරා ඔයාලාට අමුතුවෙන් කියන්න ඔනි නැහැ දැකලා ඇති. අපි කඩේකට ගිහින් කියන්නේ 'ඩූම් එකක්' දෙන්න ඔන්න ඔහොම
- Bullet CCTV Camera
මේ වර්ගයේ කැමරා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ Outdoor. නමුත් Indoor භාවිතා කරන්නත් ගන්නවා. හේතුව ඩූම් කැමරා වලට වඩා තෙතමනයට ඔරොත්තු දිම
බුලට් කැමරා ඩූම් එකට වඩා පොඩ්ඩක් මිලෙන් වැඩියි
බුලට් කැමරා ඩූම් එකට වඩා පොඩ්ඩක් මිලෙන් වැඩියි
- PTZ CCTV Camera
ඔයාලට ඉතිං රූපය දැක්ක ගමන් තෙරෙන්න ඇති මේ කැමරාවේ වෙනස මොකක්ද කියලා. මේ ජාතියේ කැමරා කරකවන්න, උස් පහත් කරන්න වගේම සූම් කරලා බලන්න පුළුවන් ඒත් හරිම මිළයි
ඔයාලා වෘතියක් විදිහට CCTV කරනවා නම් ඔය නම් ගම් මතක තියාගන්න ඔනි
නැත්තං කස්ටම කෙනෙක් ඇහුවොත් මොකක්ද PTZ කියන එකේ තේරුම කියලා වහ කන්නයි වෙන්නේ :D :D
නැත්තං කස්ටම කෙනෙක් ඇහුවොත් මොකක්ද PTZ කියන එකේ තේරුම කියලා වහ කන්නයි වෙන්නේ :D :D
- Spy CCTV Camera
රහසිගතව කැමරා සවි කළ යුතු තැන් වල මේ කැමරා සවි කරනවා. ප්රමාණයෙක් ඉතාම කුඩා වගේම විවිධ හැඩවල ස්පයි කැමරා මිලදි ගන්න තියෙනවා
නමුත් මම තවම මේ කැමරා සවි කරලා නැති නිසා ඒවාගේ ගූණාත්මක භාවය හා වෙනත් දේ ගැන වැඩි විස්තර කියන්න බෑ.
නමුත් මම තවම මේ කැමරා සවි කරලා නැති නිසා ඒවාගේ ගූණාත්මක භාවය හා වෙනත් දේ ගැන වැඩි විස්තර කියන්න බෑ.
- Fish Eye CCTV Camera
මේ කැමරා හරිම ගනන්. මේ කැමරාවේ විශේෂත්වය තමයි අංශක 360% ප්‍රදේශයක් කවර් වීම
ප්‍රධාන වශයෙන් තියෙන්නේ සිවිලිමේ සවි කරන කැමරා
මුදල් ගණුදෙනු කරන තැන් වල මේ කැමරා සමහරු සවි කරනවා.
අධික මිලකින් යුත්ත නිසා මම සවි කරලා නැහැ
ප්‍රධාන වශයෙන් තියෙන්නේ සිවිලිමේ සවි කරන කැමරා
මුදල් ගණුදෙනු කරන තැන් වල මේ කැමරා සමහරු සවි කරනවා.
අධික මිලකින් යුත්ත නිසා මම සවි කරලා නැහැ
දැන් කැමරා ගැන ඔක්කොම දැනගත්තා.
දැන් කැමරාවක් මිලදි ගන්න පුළුවන්ද
බැහැ තව අපි දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා
කැමරාවේ TVL ප්‍රමාණය , චිප් එක , සෙන්සර් එක . Lux රේටින් එක , IP රේටින් එක
ඒ සියල්ලම ඊලග කුප්පියේ අපි කතා කරමු.
ඊලග කුප්පිය මාස ගානන් ඇදෙන්නේ නැහැ.
හෙට දවසේ කැමරා ගැන සියළුම දේ බ්ලොග් පොස්ට් එකකින් අනිවාර්යෙන්ම දානවා
මේ පොස්ට් පරක්කු උනා කියලා බනින්න එපා.
ඒ වගේම සමහරු මට චෝදනා කරලා තියෙනවා
" කැලුම් CCTV බ්ලොග් එක අටෝ ගත්තේ ඔන්ලයින් වැඩ ටික ගන්න කියලා :D :D "
අපරාදේ කියන්න බෑ
මට ෆේස්බුක් හරහා බ්ලොග් එක හරහා ඇති තරම් CCTV වැඩ ලැබෙනවා
ඒත් මට මේ දේවල් කියලා දුන්නා කියලා වරදින්නේ නැහැ කියලා දන්නවා.
එකක් මගේ දැණුමත් අප්ඩේට් වෙනවා
අනෙක කෙනෙකුට දෙයක් කියාදිමෙන් ඊට ඔබ්බට ගිය දැණුමක් ස්වාභාවධර්මයෙන් ලබාදෙන නියමන මම විශ්වාස කරනවා
දැන් ඊලගට ඔයාලා අහන ප්රශ්නය මම දන්නවා
මේ කැමරාවක් හැබෑටම කියක් වේවිද
රුපියල් 1500 සිට මම කිව්වා නේ කලින් 150,000 වගේ දකවා කියලා
අපට වෙළද පොළේ තියෙන හොදයි කියලා කියන්න පුළුවන් කැමරාවක් සාමාන්යෙන් රුපියල් 7500 සිට 15000 වගේ මිළ පරාස වල
ඒ නිසා මේක වෘතියක් විදිහට කරන අයගෙන් මම කාරුණිකව ඉල්ලනවා
මේ බ්ලොග් එකෙන් ඔබ එතෙර උනොත් දෙවියනේ කියලා දෙකයි පනහේ බඩු දාලා නම් වැඩ අටවන්න එපා කියලා
ඒ තුලින් CCTV කියන ෆිල්ඩ් එක වැටෙනවා
පාරිභෝගිකයාත් වෙළෙන්දාත් දෙන්නාම අසිරුතාවයකට පත් වෙනවා
හෙට මගේ කුප්පියෙන් කැමරා ගැන සියළුම දේ කතා කරලා ඔයාලට කැමරා මිළ දී ගන්න පුළුවන් ස්ථාන පිළිඹදවත් දැනුවත් කරන්නම්
එහෙනම් මම ගියා
සුභ දවසක් ආදරණිය මිත්‍රයෙනි :) :) :)
This comment has been removed by a blog administrator.
ReplyDeleteස්තුති දුකා
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteKALUM AIYA ,GODAK WADAGATH LIPIYA.. MM BLOG THEAM EKA GANA PODDAK SALAKA BALANAWANAM HODAI.. UDAHARANAYAK WIDIYATA SAMAHARA LIPIWALA FONT COLOURS NIL PATA DALA THIYANAWA ETHAKOTA EWA BACKGROUND COLOR EKATH EKKA HARIYATA PENNE NATHIWA YANAWA.. MAN HITHANNE BACK GROUNF EKA LIGHT COLOR EKAKIN THIBUNANAM HODAI KIYALA..
ReplyDeleteස්තුති මල්ලි ඒ අඩුපාඩුව නිවැරදි කරන්නම්
Deleteඉතුරු ටිකත් ඉගනගන්න අපි බලන් ඉන්නවා :)
ReplyDeleteකැලුම - පට්ට
ReplyDeleteela...digatama karagena yanna....
ReplyDeleteමම හොයමින් හිටිය දෙයක් ගැන අගනා පෝස්ටුවට බෙහෙවින් තුති
ReplyDeleteඒකත් ඉවරායි
ReplyDeleteÀ quoi bon ne pas exposer les vérités déclarées la semaine passées par l’état national? Au minimum on aurait la possibilité de chicaner avec les véritables indices. เครื่องบันทึกภาพ nvr
ReplyDelete